• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන ‍සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- ඉදි කිරීම් කටයුතු සඳහා අති විශාල වියදමක් දැරීමට ඇස්තමේන්තු කර තිබූ මෙම ව්‍යාපෘතියේ සමස්ත විෂය පථය, සමස්ත වියදම, ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සහ උපදේශක සමාගම්වලට උපදේශනය සඳහා වූ කොන්ත්‍රාත් ලබාදීමද ඇතුළුව මෙම ව්‍යාපෘතියේ කටයුතුවලට අදාළ අනෙකුත් කරුණු සැලකිල්ලට ගෙන මාසයක් ඇතුළත වාර්තාවක් ලබාගැනීම පිණිස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය හා ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරි කටයුතු සිදු කිරීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.