• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015

- රජයෙන් සැපයෙන පොහොර සහනාධාර ක්‍රමය යටතේ ඉතා අඩු මිලකට ගොවීන්ට පොහොර ලබා දීමේ වැඩසටහන වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) විසින් ඉටු කරනු ලබයි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම යල කන්නයේ මැයි මාසය තුළ බෙදා හැරීම සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය පිණිස වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.