• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නායයාම්වලින් හානියට පත්වූ හෝ නායයාමේ ඉතා ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන වතු කම්කරු ප්‍රජාව සඳහා නිවාස ඉදි කර දීම

- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් අනුව නායයාම්වලින් හානියට පත් වූ සහ නායයාමේ ඉතා ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන වතු කම්කරු ප්‍රජාව කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවිය යුතු වේ. ඒ අනුව, නායයාම් හෝ නිවාස ගිනිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් හෝ නායයාමේ අවදානම හේතුවෙන් වෙනත් ස්ථානවලට යොමු කළ වතු කම්කරු ප්‍රජාව සඳහා දින 100 වැඩසටහන යටතේ රජයේ වියදමින් නිවාස ඉදි කර දීම පිණිස වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ යටතේ 2015 වසර තුළ නිවාස 300 ක් ඉදි කිරීමට කටයුතු කරනු ඇත.