• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රීඩා සංවර්ධනය පිණිස වන අවබෝධතා ගිවිසුම

- මෙම ගිවිසුමේ අරමුණ වනුයේ දෙරට අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය හා අභිලාෂය මත පදනම්ව ක්‍රීඩා පර්යේෂණ, සංවර්ධනය සහ විශිෂ්ටත්වය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සඳහා අවශ්‍ය කාර්ය රාමුවක් සැකසීමයි. එහිදී පහත සඳහන් ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත:

බොක්සිං, ගොල්ෆ්, කරාතේ, ටයිකොන්ඩෝ, මේස පන්දු, වොලිබෝල්, බේස්බෝල්, හොකී, ස්කොෂ් සහ ක්‍රිකට් කණ්ඩායම් හුවමාරු කරගැනීම

ක්‍රීඩා පුහුණු වැඩසටහන් සහ නිලධාරින් හුවමාරු කරගැනීම

ක්‍රීඩාව හා බැඳුණු වැඩසටහන් සංවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය හුවමාරු කරගැනීම

ඒ අනුව, දෙරට අතර ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.