• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දින 100 විශේෂ සංවර්ධන වැඩසටහනට සමගාමීව දීපව්‍යාප්තව ගම් නඟා සිටුවීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- මෙම වැඩසටහන මඟින් ජනතා සහභාගිත්වය ඇතිව මුළු දිවයිනම ආවරණය කරමින් ග්‍රාම නිලධාරි වසම් 14,023ක පිහිටි ගම්මාන 36,822ක් නඟා සිටුවීමට අපේක්ෂිතය. මෙහිදී ව්‍යාපෘති හඳුනාගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, පසු විපරම, කළමනාකරණය හා නඩත්තුව සඳහා ජනතා සහභාගිත්වය සෘජුවම ලබාගනිමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනතාව සෘජුවම දායක කරගනු ඇත. මෙම වැඩසටහන යටතේ එක් ගමකට රුපියල් මිලියනය බැගින් ලබා දෙනු ඇති අතර, එක් ව්‍යාපෘතියක් සඳහා අපේක්ෂා කෙරෙන 25%ක ප්‍රජා දායකත්වය සමඟ එක් ගමකට රුපියල් මිලියන 1.25ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් හිමි වනු ඇත. ඉහත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.