• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා රබර් වතු හිමියන් විසින් නිපදවෙන ස්වාභාවික අමු රබර් සඳහා සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

- නව රජය විසින් සකස් කරන ලද දින 100 වැඩසටහනෙහි ඇතුළත් එක් යෝජනාවක් වනුයේ කුඩා රබර් වතු හිමියන් නිපදවන ස්වාභාවික අමු රබර් සඳහා රුපියල් 350/-ක සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. එම යෝජනාව මුදල් අමාත්‍යතුමා 2015‑01‑29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහිද අන්තර්ගත වේ. ඒ අනුව, රබර් ක්ෂේත්‍රය නියෝජනය කරන සියලු පාර්ශ්වකාර සංවිධානවල එකඟතාව පරිදි කුඩා රබර් වතු හිමියන් නිපදවන ස්වාභාවික අමු රබර් සඳහා යෝජිත සහතික මිල ක්‍රමය 2015‑03‑15 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.