• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට ජීවමිතික තොරතුරු ඇතුළත් කිරීම පිණිස ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම

- ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම යන කාර්යයන් පැවරී ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එම බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට හැකිවනු පිණිස අවශ්‍ය විධිවිධාන සැලසීමට 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත පාර්ල‍ිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.