• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා කළමනාකරණය සම්බන්ධව ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම

- ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීම හා එමඟින් ඵලදායී ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් කෙටුම්පත් කෙරුණු ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එම ගිවිසුම ප්‍රකාරව, ශ්‍රී ලංකා හා පාකිස්තානු රජයන් ආපදා කළමනාකරණය පිළිබඳ පහත සඳහන් ක්ෂේත්‍රවලදී එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත:

සුළිසුළංවලින් හානිවූ තත්ත්වයන් තුළ ප්‍රජා රැකවරණය

ප්‍රජා ආපදා අවදානම අවම කරගැනීම සඳහා ස්වේච්ඡා පදනමින් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ප්‍රජා මට්ටමෙන් ස්ථාපිත කිරීම

ගංවතුරට ලක්වන ප්‍රදේශවල සහ නායයාමට හා පාංශු ඛාදනයට ලක්වීමට ඉඩ ඇති තෙත්බිම් ප්‍රදේශවල සංවර්ධන කටයුතු නියාමනය කිරීම පිණිස ව්‍යවස්ථා සැකසීම

ගංවතුර කළමනාකරණය පිණිස සහභාගිත්ව ප්‍රවේශයක් සඳහා මාර්ගෝපදේශ

ගංවතුර හා නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම

ඵලදායී ආපදා සහන සේවා