• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාදක මත්ද්‍රව්‍ය, මනෝවර්තක ද්‍රව්‍ය හා ඒවායේ පෙර යෙදවුම් පිළිබඳ නීති විරෝධී ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව නැංවීම පිණිස වූ සාකච්ඡා මෑතකදී ආරම්භ වී ඇති අතර, ‘මාදක මත්ද්‍රව්‍ය මනෝවර්තක ද්‍රව්‍ය (Narcotic Drugs, Psychotropic Substances) හා ඒවායේ රසායනික පෙර යෙදවුම් පිළිබඳ නීතිවිරෝධී ජාවාරමට එරෙහිව ‍ දෙරට අතර සහයෝගිතාව’ (Cooperation against Illicit Trafficking in Narcotic Drugs, Psychotropic Substances and their Chemical Precursors) තවදුරටත් ශක්තිමත් කර ගැනීම එහි ලා දැඩි අවධානයක් යොමුව ඇති එක් ක්ෂේත්‍රයකි. ඒ අනුව, මාදක මත්ද්‍රව්‍ය හා මනෝවර්තක ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධවල බරපතළකම සහ ඒවා මඟින් සමාජයට ඇති කරන භයානක ප්‍රතිඵල අවම කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වන ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.