• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ දින සියයේ කඩිනම් වැඩ පිළිවෙළ යටතේ හඳුන්වාදීමට නියමිත විගමනික සේවකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
- රජයේ දින 100 වැඩසටහන යටතේ, හාම්පුතුන්, විගමනික සේවකයින් හා ශ්‍රී ලංකා රජයේ දායකත්වය මත විගමනික සේවකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් ස්ථාපනය කිරීමටත්, ඒ යටතේ බොහෝ අවදානම් සහිතව සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්, නුපුහුණු සේවකයින් ඇතුළු සියලුම විගමනික සේවකයින්ට සහන සැලසීමටත් අපේක්ෂා කෙරේ.

යෝජිත මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සැලසුම් කිරීම පිණිස හා ඒ සඳහා වන ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා රජයේ නිලධාරින්, විදේශ සේවා නියුක්ති නියෝජිතායතනයේ නියෝජිතයින්, රටවිරුවෝ සංවිධානයේ නියෝජිතයින් ඇතුළුව අදාළ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.