• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු විශ්වවිද්‍යාලයේ නවීන අංගෝපාංග සහිත රංග ශාලාවක් සහ ශ්‍රවණාගාරයක් ඉදි කිරීම සඳහා ඉන්දියානු රජය මගින් කුඩා සංවර්ධන ව්‍යාපෘති ප්‍රදාන අනුග්‍රහය ලබා දීම
- උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,320ක් පමණ අධ්‍යාපනය හදාරන පාඨමාලා අධ්‍යයන අංශ 46කින් සමන්විත රුහුණු විශ්වවිද්‍යාලය සඳහා නවීන අංගෝපාංග සහිත ආසන 1,500කින් සමන්විත රංග ශාලාවක් සහ ශ්‍රවණාගාරයක් ඉදි කිරීම පිණිස ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 336 ක මුදලින් රුපියල් මිලියන 300ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.