• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව දිස්ත්‍රික්කයෙහි ඉදි කරනු ලැබූ කාන්තා ව්‍යවසායකයන් සඳහා අලෙවි පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය සහ ප්‍රජා අධ්‍යාපනික මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමඟ වන අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම
- ඉන්දියානු රජය සමඟ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මත 2010 වසරේදී ආරම්භ කරන ලද ඉහත ව්‍යාපෘතිය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් සඳහා විවිධ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරමින් එම කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2016 ජුනි මස 30 දින දක්වා දීර්ඝ කිරීම පිණිස කාන්තා කටයුතු අමාත්‍ය කේ.ඩී.එම්.චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.