• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගර්භනී මාතාවන්ට රුපියල් 20,000/- ක් වටිනා පෝෂ්‍යදායී ආහාර ලබා දීම
- රජයේ දින 100 වැඩපිළිවෙ‍ළෙහි අන්තර්ගත ඉහත වැඩසටහන 2015 අයවැය කථාව මගින් යෝජිත පරිදි 'නිරෝගී මාතෘ වැඩසටහන' වශයෙන් 2015 මාර්තු 21 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව,

* රජයේ මාතෘ සායනයන්හි ලියාපදිංචි වී, නියමිත පරිදි සායනවලට සහභාගිවන සියලුම ගර්භනී මව්වරුන්ට වෛද්‍ය නිර්දේශය මත යෝජිත දීමනාව හිමිවේ.

* ගර්භනී සමයේ අවසන් මාස 06 සහ දරුවා උපන් පසු එළඹෙන පළමු මාස 04 ද ඇතුළත්ව මාස 10 ක කාලයක් සඳහා එක් වාරිකයක් රු. 2,000/-ක් බැගින් වූ වාරික 10 ක් වශයෙන් මෙම දීමනාව යටතේ පෝෂ්‍යදායී ආහාර ලබා දෙනු ඇත.

* ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ දිස්ත්‍රික් ‍ලේකම්/දිසාපතිවරුන්ගේ අධීක්ෂණයට යටත්ව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මාතෘ සායනවල සේවය කරන වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.