• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපයේ ගොවීන්ගේ ගොවි නිෂ්පාදන ගබඩාගත කිරීම පහසු කිරීම සහ ගබඩා කර ඇති නිෂ්පාදිත තොග ඇපයට තබා ණය මුදල් ලබාගත හැකි මූල්‍යකරණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම
- වියළි කලාපයේ ගොවීන්ගේ නිෂ්පාදන සඳහා උසස් තත්ත්වයේ ගබඩා පහසුකම් සැලසී‍ම මඟින් අස්වනු නෙලන කාලයේදී විකුණා ලබා ගත හැකි ආදායමට වඩා වැඩි ආදායමක් සහ ලාභයක් අවාරයේදී එම බෝග විකිණීමෙන් ලබාගැනීමට හැකි වන පරිදි නව යන්ත්‍රණයක් ඇති කිරීම හා ඒ සඳහා ගොවීන්ට මූල්‍ය පහසුකම් සැලසීම සඳහා ලෝක බැංකුවේ ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දෙන ලද මෙම මූල්‍යකරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අනුරාධපුර, මොනරාගල හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි ගබඩා ඉදි කිරීම ආරම්භ කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි වෙමින් පවතින මෙම වැඩ සටහන යටතේ වන පළමු ගබඩාවේ ඉදි කිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර, එහි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ ගිවිසුමකට එළඹීමටත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා එහි බලයලත් නියාමකවරයා ලෙස පත් කිරීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.