• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 යල කන්නයේ වී ගොවිතැන සඳහා සහනාධාර පොහොර බෙදා හැරීම
- වී ගොවිතැන සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ඉහළ වී ඇස්වැන්නක් ලබාගැනීමට හේතු වී ඇත. ඒ අනුව 2015 යල කන්නයේ වී වගා කිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 540,000 ක් වන අතර මේ සඳහා යෙදිය යුතු මුළු පොහොර ප්‍රමාණය මෙ.ටො. 162,733 ක් ‍වශයෙන් ඇස්තමේන්තු කර ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන පොහොර සහනාධාර ක්‍රමය 2015 යල කන්නය තුළ ක්‍රියාත්මක කිරීම සඳහාත්, පොහොරවල ගුණාත්මක භාවය තහවුරු කරමින් එම ප්‍රමාණය මිල දී ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.