• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහන මිලක් යටතේ ගෙවතු වගාව සඳහා එළවළු පැළ සැපයීම හා 50% ක සහනාධාර ක්‍රමයක් මත සුළු පරිමාණ ගොවි බිම් සඳහා එළවළු බීජ සැපයීමෙන් අවාරයේ එළවළු වගා කිරීම
- එළවළු මිල ගණන් ඉහළයාම පාලනය කරමින් වසර පුරාම නිශ්චිත මිලක් පවත්වා ගැනීමට හැකි වන පරිදි ගෙවතු වගාව ප්‍රචලිත කිරීම සඳහා එළවළු බීජ බෙදාහැරීම වෙනුවට පහසුවෙන් වගා කර ගැනීමට යෝග්‍ය ලෙස සකස් කළ එළවළු පැළ බඳුනක් රුපියල් 25/-ක් වැනි සහන මුදලක් අය කොට මහජනතාවට ලබා දීමටත්, වාණිජ වගාවක් ලෙස අක්කර 1/2 දක්වා වූ ඉඩම්වල එළවළු වගාව සිදු කරන ගොවීන් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ බීජ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් සහනයක් සැලසීම පිණිසත්, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.