• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සිලෝන් ටී එක්ස්පෝ ප්‍රදර්ශනය' ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- තේ කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වාණිජමය කර්මාන්තයක් ලෙස හඳුන්වාදී 2017 වසර වන විට වසර 150 ක් සම්පුර්ණවන බැවින්, එම අවස්ථාවට සමගාමීව දේශීය නිෂ්පාදකයන්, අපනයනකරුවන් ඇතුළු තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් “සිලෝන් ටී එක්ස්පෝ ප්‍රදර්ශනය” 2015 වර්ෂයේදී නොව 2017 වර්ෂයේදී පැවැත්වීමටත්, එමඟින් ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රී ලංකා තේ (සිලෝන් ටී) ප්‍රචලිත කිරීමට ප්‍රවර්ධන ප්‍රවේශයක් සලසා ගැනීමට සහ ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ මිලක් ලබාගැනීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.