• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් පෙළපොත් මුද්‍රණය - 2015 රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

- පාසල් පෙළපොත් මුද්‍රණයේදී, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යන රජයේ ආයතනවල මුද්‍රණ ධාරිතාව හා පසුගිය වර්ෂවල දක්වන ලද කාර්යසාධනය සැලකිල්ලට ගෙන පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු එම ආයතන වෙත ද පැවරීම පිණිස ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.