• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් බවට සංවර්ධනය කිරීම සඳහා වූ සැලැස්ම - දෙවන අදියර

- පිරිවැය ඇස්තමේන්තු පරීක්ෂණ කමිටුවේ නිර්දේශය පරිදි, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිවැය රුපියල් මිලියන 728 සිට රුපියල් මිලියන 1,113 දක්වා සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.