• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරී‍මේ ආයෝජන වැඩසටහන

- කොළඹ නාගරික ඉංජිනේරු සීමාව තුළ ඇති, වත්මන් ජල සැපයුම් ක්‍රමය පුනරුත්ථාපනය කිරීමට සහ ආදායම් නොලබන ජලය අවම කිරීම සඳහා අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන යෝජිත ව්‍යාපෘතිය සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.