• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි සහනාධාර වැඩි කිරීම

- දින 100ක් තුළ රජය විසින් ක්‍රියාවට නංවනු ලබන ක්ෂණික සහන වැඩසටහන මඟින් සමෘද්ධි සහනාධාරය උපරිමය 200%ක් දක්වා වැඩි කිරීමට ප්‍රතිඥා දී ඇති අතර එය 2015 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමතිතුමා විසින් 2015 අතුරු අයවැය මඟින් යෝජනා කර ඇත. ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම පිණිස නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.