• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ ඉදි කිරීමට යෝජිත නැවත සංවර්ධන සහ මිශ්‍රිත උපයෝගිතා සංවර්ධන ව්‍යාපෘතිය - සීමාසහිත වන් කලම්බු (පෞද්ගලික) සමාගම

- කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ පිහිටි අක්කර 8ක භූමි ප්‍රමාණයක නැවත සංවර්ධනය කිරීමේ සහ මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම මඟින් එහි පදිංචිකරුවන්ට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ඉහත ව්‍යාපෘතියේ සමස්ත තත්ත්වය සමාලෝචනය කිරීමට සහ ක්‍රමෝපාය සංවර්ධන පනතේ විධිවිධාන පරිදි අදාළ ක්‍රියාවලිය මුල සිට නැවත ආරම්භ කිරීම පිණිස මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.