• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 වර්ෂය අගභාගයේදී ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර නිසා වාරිමාර්ග පද්ධතිවලට සිදු වූ හානි පිළිසකර කිරීම සඳහා කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

- 2014 වර්ෂය අගභාගයේදී ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර නිසා සුළු හා මහා වාරි පද්ධතිවලට සිදු වූ හානි මේ වන විට ඇස්තමේන්තුගත කර ඇති අතර, ඒ අනුව, මහා වාරි ව්‍යාපාරවලට අදාළව හානි සිදුවූ ස්ථාන 1,348 ක් දිස්ත්‍රික්ක 13කින්ද හානියට පත් සුළු වාරිමාර්ග 2,132ක් දිස්ත්‍රික්ක 15කින්ද හඳුනාගෙන ඇත. 2015 යල කන්නය ආරම්භ කිරීමට ප්‍රථම හානි වූ වාරි පද්ධති පිළිසකර කිරීම පිණිස වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.