• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ පැමිණිලි විභාග කිරීම සඳහා වූ විශේෂ කමිටුවක් පත් කිරීම

- නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් පිළිබඳව පුරවැසි විශ්වාසය තහවුරු කිරීම පිණිස ජාතික මැතිවරණයක් නැවත පැවැත්වීමට පෙරාතුව, 2015 ජනාධිපතිවරණයට පෙර හා පසුව සිදු වූ බවට වාර්තා වී ඇති රාජ්‍ය මාධ්‍ය අවභාවිතය, පොදු දේපළ මැතිවරණ කටයුතු සඳහා සාවද්‍ය ලෙස යොදාගැනීම, රජයේ මුදල් අයථා පරිහරණය, රජයේ නිලධාරින් දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම ආදී කරුණු සම්බන්ධව ලැබී ඇති පැමිණිලි කඩිනමින් විභාග කිරීමට සහ අනාවරණය වන්නා වූ මැතිවරණ අවභාවිතයන් පිළිබඳව නිසි අධිකරණ ක්‍රියාමාර්ග හා විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අවශ්‍ය විධිමත්, කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා නීතිය, පරිපාලන, මැතිවරණ, මූල්‍ය හා විමර්ශන යන විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත “මැතිවරණ පැමිණිලි විභාග කිරීම සඳහා වූ විශේෂ කමිටුවක්” පිහිටුවීමට සහ එම කමිටුවේ වාර්තාව දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.