• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය නිල සංචාරය

- රාජ්‍ය නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දීය රජයේ ආරාධනය පරිදි මෙම මස 15 දින සිට 18 දින දක්වා කාලය තුළ එරට යෙදුණු තම නිල සංචාරය ඉතාමත් සාර්ථක වූ බවත්, දෙරට අතර ‍‍‍ඓතිහාසික මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට එය ඉවහල් වූ බවත් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී. මෙම සංචාර‍යේදී ඉන්දියාවේ අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, හිටපු අග්‍රාමාත්‍යතුමා ඇතුළු නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද බවත්, අවබෝධතා ගිවිසුම් හතරකට (04) අත්සන් තබන ලද බවත් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත වැඩිදුරටත් දන්වා සිටින ලදී. එසේම එළඹෙන මාර්තු මාසය තුළ ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යතුමා ලංකාවේ නිල සංචාරයක ‍නිරතවීමට අපේක්ෂාවෙන් සිටින බවද 1987 පසුව ඉන්දීය රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන ප්‍රථම අවස්ථාව එය වනු ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.