• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවේ නිර්දේශ

- අතුරු අයවැය මඟින් භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත නොලැබීම සැලකිල්ලට ගෙන ඒ සඳහා වූ යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නියම කිරීම සහ අඩු වූ මිල ගණන් මහජනතාවගේ දැනගැනීම සඳහා එම ආයතනය විසින් ගැසට් මඟින් ප්‍රසිද්ධ කිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය ගරු කරු ජයසූරිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.