• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා පිහිටුවීම

- අමාත්‍ය මණ්ඩලයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කරලීම සඳහා ඒ ඒ විෂය ක්ෂේත්‍රවල ගැටලු ගැඹුරින් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා පහ (05) ස්ථාපිත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(අ) ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව;
(ආ) ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව;
(ඇ) ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව;
(ඈ) ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව; සහ
(ඉ) ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(2) ව්‍යවස්ථාව අනුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇත. එබැවින්, වඩාත් සුදුසු පුද්ගලයින් එම තනතුරු සඳහා තො‍්රා ගතහැකි වන පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම ආයතන කටයුතු පිළිබඳ අනුකාරක සභාව වෙත පැවරේ. එහිදී අමාත්‍ය මණ්ඩලයේ ලේකම් විසින් යෝජිත නිලධාරින් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සහ අදාළ පරිපාලන බලධරයාගෙන් අදහස් විමසා ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත වාර්තා කළ යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.