• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාවන් තුළ සිදු වූ බවට පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කමිටුව

- දේශපාලන පළිගැනීම්වලට සහ දඬුවම්වලට ලක් වූ තැනැත්තන්ට ඒ හේතුවෙන් අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යළි ලබා දීමට රජයේ දින 100 වැඩසටහන මඟින් ප්‍රතිඥා ලබා දී ඇත. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවන් තුළ 2010 වසරේ සිට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ පැමිණිලි සොයා බැලීමට කමිටුවක් පත් කොට සහන සැලසීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.