• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු ණය අංක 2518 ශ්‍රී : පවිත්‍ර බලශක්ති සහ ප්‍රවේශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 2 කොටස - සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම - සම්ප්‍රේෂණ රැහැන් ICB No. CEB/AGM/TR/2009/ICB/003 මිල වැඩිවීම සඳහා අතිරේක කොන්ත්‍රාත් මුදල් ගෙවීම

- ඉහත කොන්ත්‍රාත්තු මුදල තීරණය කර ඇත්තේ ලංසු සකස් කොට ඉදිරිපත් කෙරෙන අවස්ථාවේ ප්‍රමාණ පත්‍ර (BOQ) වල සඳහන්ව පැවති ප්‍රමාණයන් පදනම් කර ගනිමිනි. කොන්ත්‍රාත්තුවේ කොන්දේසි අනුව‍ ගෙවීම් සිදු කර ඇත්තේ ඉදි කිරීම් සිදු කළ අවස්ථාවේදී කරනු ලැබූ සත්‍ය වැඩ කොටස් ප්‍රමාණය ගණන් බැලීමෙනි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර සිදු කෙරුණු අමතර කාර්යයන්හි ප්‍රතිඵලයක් වශයෙන් කුලුනු වර්ගය, කුලුනු ප්‍රමාණය, අඩිතාලම් ඉදි කිරීම ආදී කටයුතුවල වූ වෙනස් වීම් හේතුවෙන් වැඩි වූ කොන්ත්‍රාත්තු මුදල අදාළ කොන්ත්‍රාත්කරු වෙත ගෙවීම පිණිස පිරිවැය ඇස්තමේන්තු පරීක්ෂණ කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන අදාළ මිල විචලනය අනුමත කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.