• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා (අධිකරණමය ආරක්ෂාව) පිළිබඳ පනත් කෙටුම්පත

- 1945 අවසන් වරට සංශෝධනය කරනු ලැබූ ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත පසුගිය වසර 70 ක පමණ කාලය තුළ වෙනසකට ලක් වී නොමැති බැවින් නඩු කටයුතු කාර්යක්ෂමව හා වේගවත්ව විභාග කොට අවසන් කිරීම දුෂ්කර වී ඇත. එසේම අධිකරණ පටිපාටිය සම්බන්ධයෙන් දේශීය අධිකරණ පද්ධතිය තුළ සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ සිදු වූ වෙනස්කම් සැලකිල්ලට ගෙන පවතින නීති වෙනස් කිරීම අවශ්‍ය වී ඇත. තවද, ශ්‍රී ලංකාව විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීමත් සමඟම ළමුන්ගේ රැකවරණය සහ ළමා අධිකරණ පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අඩුපාඩුවලට ක්ෂණිකව සහ දිගුකාලීනව ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා නීතිය සංශෝධනය කිරීම අවශ්‍යතාවකි.

ඒ අනුව ළමා (අධිකරණමය ආරක්ෂාව) පිළිබඳ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම පිණිස ‍නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.