• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් 34 ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම

- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 271 රූඩ් 2 පර්චස් 38.4 ක ප්‍රමාණයකින් යුතු ඉඩම් 34 ක භුක්තිය දැනට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් භාර ගෙන ඇතත් ඒවායේ අයිතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලැබී නොමැති වීම හේතු කොට ගෙන මෙම ඉඩම්වල නිවාස අධිකාරියෙන් සාදා ඇති නිවාස 748 ක පදිංචිකරුවන්ට එම නිවාසවල නීත්‍යනුකූල අයිතිය ලැබී නොමැත. එබැවින් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන දින 100 වැඩසටහන යටතේ ඉහත ඉඩම් 34 හි පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට එම නිවාසවල නීත්‍යානුකූල අයිතිය ලබා දීම සඳහා එකී ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස නිවාස හා සමෘද්ධි අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව කිසිදු අය කිරීමකින් තොරව ඉඩම් පැවරිය නොහැකි බැවින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර ඉතාමත් සහනශීලී මිලකට අදාළ ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරාදීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.