• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක සෞඛ්‍ය සමීක්ෂණය - 2014/2015

- සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රතිපත්තිමය තීරණයන් ගැනීමට කාලීන තොරතුරු එක්රැස් කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යාත්මක සෞඛ්‍ය සමීක්ෂණය - 2014/2015 මේ වසරේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. අවසන් වරට මෙවැනි සමීක්ෂණයක් පවත්වා ඇත්තේ 2006/2007 වර්ෂවලදී වන අතර මේ වසරේ පැවැත්වෙන සමීක්ෂණයට අදාළ කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව සිදු කරනු ලබයි. මෙම සමීක්ෂණය සඳහා රුපියල් මිලියන දෙසිය එකක් වැය වන බවට ඇස්තමේන්තුගත කර ඇත. ඉහත සමීක්ෂණය සිදු කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.