• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතා මෙහෙයුම් මැදිරිය පිහිටුවීම

- ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් “ආහාර සුරක්ෂිතතාව සමඟ තිරසාර කෘෂිකර්මය” යන්න ප්‍රමුඛ අංශයක් ලෙස හඳුනාගෙන ඇති අතර සුදුසු ප්‍රතිපත්තිමය මූලාරම්භයන් මඟින් ප්‍රධාන ආහාර වෙළඳපො‍ළ නියාමනය කිරීම පිණිස ආහාර නිෂ්පාදනය සහ ආනයනයන් හා බැඳුණු සංඛ්‍යාලේඛන එකතු කිරීම, සංගෘහිත කිරීම හා විශ්ලේෂණය කිරීම යන අරමුණු පෙරදැරිව “ආහාර සුරක්ෂිතතා මෙහෙයුම් මැදිරියක්” සිය අමාත්‍යාංශය තුළ පිහිටුවීමට ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා විසින් පියවර ගෙන ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. රටෙහි ආහාර සුරක්ෂිතතාව සඳහා යොදා ගනු ලබන උපායමාර්ගයන් සම්බන්ධ තොරතුරු බෙදා හරින කේන්ද්‍රස්ථානය බවට මෙය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද අමාත්‍ය මණ්ඩලය විසින් තවදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.