• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අත්සන් කිරීමට යෝජිත රේගු කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම

- මෙම යෝජිත ගිවිසුම මඟින් රේගු කටයුතු සම්බන්ධයෙන් දෙරට අත‍ර අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය සහ සන්නිවේදනය ශක්තිමත් කිරීමද අපේක්ෂා කෙරේ. ඒ අනුව, දෙරට අතර පුළුල් වෙළඳ පහසුකම් සඳහා සහ රේගු කටයුතුවලදී බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමටද අපේක්ෂා කෙරේ. මෙම යෝජිත ගිවිසුම ජනාධිපතිතුමාගේ එළඹෙන ඉන්දීය සංචාරයේදී අත්සන් තැබීම පිණිස මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.