• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී අලෙවි මණ්ඩලය මඟින් 2014/2015 මහ කන්නය සඳහා රජයේ ප්‍රතිපාදන යොදවා වී තොග මිල දී ගැනීම

- 2014/2015 මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම පිණිස, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව පරිදි වී මෙ.ටො. 200,000ක් ලියාපදිංචි ගොවි සංවිධානවලින් දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් මිල දී ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයට ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.