• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම පිණිස ඉන්දියානු රජයේ ආධාර මත නිවාස ඉදි කිරීම

- හැටන් ප්‍රදේශය ඇතුළුව නුවරඑළිය දිස්ත්‍රික්කය, බදුල්ල, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැවිලි ක්ෂේත්‍රයේ වතු කම්කරුවන් සඳහා තනි නිවාස 20,000ක් ඉදි කිරීමට සහ පළමු අවස්ථාවේදීම අවශ්‍ය නව තනි නිවාස ලබා දීමට නොහැකි පවුල් සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීම පිණිස තාවකාලික පියවරක් ලෙස දැනට පවතින ලයින් කාමර 30,000ක වහලවල් අලුතින් සවි කිරීමට සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක පමණ ප්‍රදානයක් ලබා ගැනීම පිණිස ජනාධිපතිතුමාගේ යෝජිත ඉන්දීය සංචාරයේදී ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, ගරු යූ.පලනි දිගම්බරම් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.