• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2014 සහ 2015 වර්ෂ සඳහා වූ ක්‍රියාකාරි සැලැස්ම අත්සන් කිරීම

- කෘෂිකාර්මික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධතා ගිවිසුමෙන් එකඟවී ඇති පරිදි දෙපාර්ශ්වයේ එකඟතාව මත සහයෝගිතාව ප්‍රවර්ධනය පිණිස ද්විවාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් කොට ක්‍රියාවට නැංවිය යුතු වේ. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමාගේ‍ යෝජිත ඉන්දියානු නිල සංචාරය තුළදී එම ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීම පිණිස වැඩබලන වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය, ගරු අනෝමා ගමගේ මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.