• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 පෙබරවාරි මැද භාගයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉන්දීය නිල සංචාරය ඇතුළතදී මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන විෂයන් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම පිණිස අනුමැතිය ලබාගැනීම

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා 2015 පෙබරවාරි මස මැද භාගයේදී ඉන්දියාවේ සිදු කෙරෙන නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගිතාව සඳහා මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගැනෙන විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ අදාළ ආයතනයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීමටත්, 2015 මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත ගරු ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරයේදී එම ක්ෂේත්‍රයන්ට අදාළව අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අවශ්‍ය කටයුතු කිරීමටත්, මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.