• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දීය ජනරජය අතර නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම

- යෝජිත ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම මඟින් නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ වැදගත්කම හඳුනා ගන්නා අතර, එය දෙරටේ ශිෂ්‍ය ප්‍රජාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ගයක් ලෙසද වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අදහස පෙරදැරිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඉන්දීය ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඉහත යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.