• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරනු ලබන ගිවිසුම

- ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරට අතර වලංගු රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඉහත සඳහන් ගිවිසුමට එළැඹීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය, ගරු ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.