• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015‑02‑10 දිනට දින 100 වැඩසටහන පිළිබඳ ප්‍රගති වාර්තාව

- දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අධීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. මෙම දින 100 වැඩසටහනට ඇතුළත් සහන රාශියක් ගරු මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නව අයවැය කථාවේ සඳහන් යෝජනා මඟින් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. පනත් සංශෝධනය කිරීම මඟින් හෝ අලුතින් පනත් සම්මත කිරීම මඟින් හෝ ක්‍රියාත්මක කළ යුතු යෝජනාවන්ට අදාළ නීති කෙටුම්පත් සකස් කිරීම ආරම්භ කර ඇති අතර, සුවිශේෂ ක්‍රමවේද මඟින් ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගත් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ගත යුතු එක් එක් පියවර හඳුනාගෙන නියමිත දින වකවානු තුළ එම කටයුතු ඉටු කළ යුතු බවට අදාළ එක් එක් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.