• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සහ දැනට රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය

- ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහ රෝගය නිසා පීඩාවට පත්ව ඇති රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය සැලසීමේ අරමුණින්, මෙම කරුණට අදාළව මීට පෙර පත් කරනු ලැබ ඇති විද්වත් කමිටුව මඟින් නිර්දේශ කර ඇති යෝජනා ඒ ඒ අමාත්‍යාංශ මඟින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහාය වීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිසත් සමාජ සේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී