• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ නගරයේ සිදු කෙරෙන ප්‍රතිස්ථානගත කිරීම් සහ ඉවත් කිරීම් සමාලෝචනය කිරීමේ කමිටුව

- එවක පැවැති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2010 වර්ෂයේදී සිදු කළ සමීක්ෂණයක් අනුව නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතියේ සහ කොළඹ නගරයේ වෙනත් ක්‍රියාකාරකම් කොටසක් ලෙස කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාසවල වෙසෙන පවුල් 68,000 ක් පමණ ඒවායින් ඉවත් කර වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. එම ක්‍රියාවලියේදී අසහනයට පත් වූ අයගෙන් සහ ඒ පිළිබඳව සැලකිල්ල දක්වන පුරවැසියන්ගෙන් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය වෙත පසුගිය දෙසතියක කාලය තුළ පැමිණිලි රාශියක් ලැබී ඇත. එබැවින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන ලද කොළඹ නගරයෙහි පදිංචිව සිටි පවුල් ඉවත් කිරීම හා ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම හා සම්බන්ධ සියලු කටයුතු සමාලෝචනය කොට සහන ලැබිය යුතු පුද්ගලයන්ට ලබා දිය යුතු කඩිනම් සහන හා ඒ හා බැදුණු ගැටලුවලට ලබා දිය යුතු දිගුකාලීන විසඳුම් ඇතුළත් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉහත සඳහන් ක්‍රියාවලියේදී අගතියට පත්වී ඇති පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වෙන දුක්ගැනවිලි ගැන නිසි අවධානය යොමු වන බව තහවුරු කර ගැනීම සඳහා මෙම නිලධාරි කමිටුවේ කටයුතු පහත සඳහන් අමාත්‍යවරුන් තිදෙනාගෙන් (03) සමන්විත කමිටුවේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවටද වැඩිදුරටත් තීරණය කරන ලදී.

* ගරු රවී කරුණානායක ඇමතිතුමා
* ගරු රෝසි සේනානායක රාජ්‍ය ඇමතිතුමිය
* ගරු ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමතිතුමා