• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රණවිරු උපහාර අනුස්මරණ උත්සවය

- එල්ටීටීඊ ත්‍රස්ත ව්‍යාපාරයේ යුදමය පරාජය සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඒ සඳහා දැක් වූ දායකත්වය අගය කිරීමට හා තිස් වසරකට අධික කාලයක් පැවති යුද සමයේදී දිවි පිදූ සන්නද්ධ සේවාවන්හි සියලුම සාමාජිකයින්ද, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද අනුස්මරණය කිරීම පිණිස 2009 වර්ෂයේ සිට සෑම වසරකම මැයි 18 දින හෝ ඊට ආසන්න දිනක පැවැත්වෙන විජයග්‍රහණ පෙළපාලිය මෙම වර්ෂයේදී රණවිරු උපහාර උළෙලක් ලෙස ගාලු නගරයේදී පැවැත්වීම සුදුසු බවට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.