• Increase font size
  • Default font size
  • Decrease font size

2015-02-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම

- පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණයේ දූෂණ වංචා කටයුතු විමර්ශනය කිරීම සහ ඒවාට වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා සහ අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පත් කරන ලද දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මීට අමතරව, මුදල් විශුද්ධිකරණය ඇතුළු විශාල පරිමාණයේ නීති විරෝධී මුදල් ගනුදෙනු ගැන පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය ගනුදෙනුවලට අදාළ අපරාධ විමර්ශන ඒකකයක් (Financial Crimes Investigation Division) පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීම සඳහාද අනුමැතිය දෙන ලදී. මේ පිළිබඳව වන නිවේදනය පොලිස් ආඥාපනතේ 55 වන වගන්තිය යටතේ පොලිස්පතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ඇත.