• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍යාංශවල සුපුරුදු වියදම්වලින් පරිබාහිරව දරනු ලැබ ඇති ගෙවීම්

- ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දින සිට ජනාධිපතිවරණය අවසන් වූ දින දක්වා වූ කාලය තුළ විවිධ අමාත්‍යාංශ විසින් සුපුරුදු පරිදි කරනු ලබන වියදම් හැර දරනු ලැබූ සෙසු වියදම් පිළිබඳව එක් එක් අමාත්‍යවරයා විසින් සොයා බලා අමාත්‍ය මණ්ඩලයේ මීළඟ රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් සාධාරණ නොවන බව පෙනී යන සියලුම ගෙවීම් අත්හිටුවන ලෙස සිය අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියම කළ යුතු බවටත් තීරණය කරන ලදී. එහිදී විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන වෙත විශාල වශයෙන් කරනු ලැබ ඇති ගෙවීම් පිළිබඳවත්, කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා දරා ඇති වියදම් පිළිබඳවත් සොයා බැලිය යුතු බවටද තීරණය කරන ලදී.