• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂයේ වෙසක් උත්සවය පැවැත්වීම

2015 වර්ෂයේ වෙසක් උත්සවයට සමගාමීව ජාතික, පළාත් හ‍ා ප්‍රාදේශීය වශයෙන් පැවැත්වෙන ආගමික, සාමාජීය හා සංස්කෘතික උත්සව කටයුතු සංවිධානය කිරීම පිණිස පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත කමිටුව පත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* පූජ්‍ය අතුරළියේ රතන හිමි
* බුද්ධශාසන අමාත්‍යතුමා - (සභාපති)
* මහජන සාමය, ආපදා කළමනාකරණය හා
ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා
* ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමා
* අධ්‍යාපන අමාත්‍යතුමා
* ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා
* සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා * ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා