• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල ගුවන් විදුලි හා රූපවාහිනි විකාශන කටයුතු

ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියන්හි විකාශන අයිතිය, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පමණක් පැවරීමට ගෙන තිබූ තීරණය 2011 වසරේදී වෙනස් කර ක්‍රීඩාවන්ට පමණක් කැපවුණු පෞද්ගලික රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකාවන්ටද පිරිනැමීමට ගෙන තිබූ තීරණය නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට සිදුවී ඇති මූල්‍යමය පාඩුව ගැනත් මෙම බලපත්‍රය ලබා සිටි සීඑස්එන් ආයතනයේ විකාශන දිවයින පුරා සිදු නොවන නිසාත් ක්‍රිකට් තරඟ පිළිබඳ විස්තර ප්‍රකාශයන් සිංහල හා දෙමළ භාෂාවෙන් සිදු නොකෙරුණු නිසාත් ඈත ප්‍රදේශවල නරඹන්නන්ට හා අසන්නන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදී. මේ තත්ත්වය නිවැරදි කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.