• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ 34 වගන්තිය සංශෝධනය කිරීම

දුම්කොළ නිෂ්පාදන ඇතුළත් ඇසුරුම්වල එකී නිෂ්පාදන භාවිත කිරීම හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව අවවාදාත්මක තොරතුරු ඇතුළත් කිරීමට සහ අදාළ ඇසුරුම්වල මතුපිට 80%ක ප්‍රමාණයක එවැනි අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට හැකි වන පරිදි දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ 34 වගන්තිය සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ජාතියේ හිත පිණිස වන හදිසි පනතක් සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉහත කී සංශෝධනයට අතිරේකව මෙම පනත අනුව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට රූපමය අවවාද මඟින් කටයුතු නොකරන අවස්ථා සඳහා මුල් පනතේ පනවා තිබූ රුපියල් 2,000/- ක දඩය සහ එක් (01) අවුරුදු සිර දඬුවම රුපියල් 50,000/- දඩය හා එක් (01) අවුරුදු සිර දඬුවමක් ලෙස සංශෝධනය කිරීමටත්, මේ සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය අවවාද ඇතුළත් රූපමය අවවාද මාස හයකට (06) වරක් වෙනස් කළ යුතු බවටත් විධිවිධාන සලසා ඇත.