• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම

2014 අංක 41 දරන විසර්ජන පනත මඟින් 2015 වර්ෂය සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කරන ලද අමාත්‍යාංශ 60 ක කාර්යභාරය නව රජය යට‍තේ කැබිනට් අමාත්‍යාංශ 31 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 10 ක් යටතේ ක්‍රියාත්මක වන බැවින් පෙර පැවති අමාත්‍යාංශ 60 යටතේ වෙන් කර තිබූ ප්‍රතිපාදන නව අමාත්‍යාංශවල විෂයපථයන්ට අනුකූල වන අයුරින් බෙදා වෙන් කිරීමටත්, නව රජයේ "දින 100 ක් තුළ ක්‍රියාවට නංවන ක්ෂණික සහන වැඩසටහන" සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිසත් 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ජාතියේ හිත පිණිස වන හදිසි පනතක් සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.